සොබාදහම එක්ක කාලය ගෙවන්න ලොව හොඳම තැන

සුප්‍රසිද්ධ පැන්ටනල් තෙත්බිම අක්කර මිලියන 42 ක් තරම් විශාල ප්‍රදේශයක් ආවරණය කරයි. එය ලෝකයේ ප්‍රධානත ම තෙත්බිම් ප්‍රදේශයක් ලෙසින් සැලකේ.
මෙම තෙත්බිම වඩාත් ම ප්‍රසිද්ධියට පත් ව තිබෙන්නේ මෙහි ජීවත් වන විවිධ සත්ත්ව විශේෂ නිසා යි. කුරුළු විශේෂ 658 ක්, සමනල් විශේෂ 1,132 ක්, මත්ස්‍ය විශේෂ 270 ක්, ක්ෂීරපායි විශේෂ 190 ක්, උරග විශේෂ 50 ක් මෙහි ජීවත් වන බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙම තෙත්බිම් කලාපය සතුන්ගේ රජදහනක් බවට පත් ව තිබේ. මෙහි ගණ වැසි වනාන්තර ආවරණය සාපේක්ෂව අඩු වුණත් ජගුවරයන් වැඩි වශයෙන් ජීවත් වීම විශේෂ ලක්ෂණයකි.
බොලිවියාව සහ පැරගුවේ දක්වා විහිදෙන මෙය ලොව තිබෙන විශාලත ම මිරිදිය තෙත්බිම් පරිසර පද්ධතියකි. යුනෙස්කෝ සංවිධානය 2000 වසරේ දී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.
මෙම අපූරු ස්වභාවික උරුමය නැරඹීම පැමිණෙන සංචාරකයන්ට සෆාරි චාරිකා, කුරුල්ලන් නැරඹීම සඳහා විශේෂ චාරිකා, බෝට්ටු සවාරි, වගුරුබිම් හරහා අශ්වයන් පැදීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවෙමින් හොඳින් විනෝදවන්නට හැක.
600 Views
Comments