යුද්ධය නිසා නොපෙනී ගිය නන්දිකඩාල් සුන්දරත්වය

වැලිපර හෝ කොරල්පර මඟින් ස්ථීරවම මුහුදෙන් වෙන්වූ නමුත් වසරේ එක් කාලයකදී පමණක් මුහුද සමඟ සම්බන්ධ වන කිවුල් දිය සහිත ජලාශ තමයි අපි කලපු ලෙස හදුන්වන්නේ. නන්දිකඩාල් කලපුව කියන්නේ ලංකාවෙහි තිබෙන සුන්දර ස්ථාන අතුරින් එකක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
වර්ග කිලෝමීටර් 31.85 ක පමණ වපසරියකින් යුතු නන්දිකඩාල් (ද්‍රවිඩ බසින් එය නන්තිකාසාල් යනුවෙන් ව්‍යවහාර වෙයි) යනු ඊසාන දිග ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි කලපුවක්.
නන්දිකඩාල්හි ඉංග්‍රීසි අරුත කේතු මුහුද යැයි හැඳින්විය හැකියි. මෙම කලපුවේ උපරිම දිග කිලෝමීටර් 14 ක්. පළල කිලෝමීටර් 5 ක්.
මුලතිව් පුර්පූ ඇතුළු කුඩා ගංගා ගණනාවකින් මෙම කලපුව පෝෂණය වෙනවා. මුලතිව් නගරය පිහිටා ඇත්තේ නන්දිකඩාල් සහ ඉන්දියන් සාගරය අතර ඇති භූමියකයි. එනිසා නන්දිකඩාල් කලපුව සමහර අවස්ථාවන්හි මුලතිව් කලපුව ලෙසද හැඳින්වෙනවා.
457 Views
Comments