උෂ්ණත්වයෙන් බේරෙන්න සංචාරකයින්ට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

උෂ්ණත්වයෙන් බේරෙන්න සංචාරකයින්ට උපදෙස්

උෂ්ණත්වයෙන් බේරෙන්න සංචාරකයින්ට උපදෙස්

අධික උෂ්ණත්වයෙන් තම වැසියන් හා සංචාරකයන් ආරක්ෂා කර ගැනීම සඳහා යුරෝපයේ රටවල් රැසක් ආරක්ෂිත ක්‍රමෝපායන් හඳුන්වා දී ඇත.



ඒ අනුව දහවල් කාලයේ දී හැකිතරම් පිටතට නිරාවරණය නොවන සේ නිවෙස් / කාර්යාල හෝ ගොඩනැගිලි තුළ ආරක්ෂිතව රැදී සිටින ලෙසයි උපදෙස් දී ඇත.



එමෙන්ම බාහිර ගමන්වලදී ජලය රැගෙන යාම අනිවාර්ය කර තිබේ. ක්‍රෝඒෂියාව / ස්විස්ටර්ලන්තය යන රටවලට ද වියළි කාලගුණය දැඩි ලෙස බලපා තිබෙනවා.



ඉන්ධන දහනයෙන් පිටවන වායුන් වල බලපෑම නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙයට දැඩි ලෙස බලපා තිබේ.



ගොඩබිම මෙන්ම මුහුදු උෂ්ණත්වය ද ඉහළ යාමට මෙම සිදුවීම් බලපා ඇති අතර කොරල් පර හා සාගර ජීවින්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

views

470 Views

Comments

arrow-up