වනසතුන් සමඟ හෝටලයක අත්දැකීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

වනසතුන් සමඟ හෝටලයක අත්දැකීමක්

වනසතුන් සමඟ හෝටලයක අත්දැකීමක්

ලොව පුරා විවිධ ස්ථානවල සංචාරක ආකර්ෂණය සඳහා වෙනස් ආකාරයේ හෝටල් කාමර සහ ආපනශාලා නිර්මාණය වෙනවා. ඒ අතර සමහර ඒවා මුහුද යට හෝටල් කාමර සහ අවන්හල් සහිතව නිර්මාණය වන අතර මේ සූදානම් වන්නේ සත්වෝද්‍යානයක් සහිත කාමරයක අත්දැකීමක් ලබන ආකාරයක් ගැන විස්තර ඔබට කියන්න.

Pairi Daiza resort වෙත පැමිණෙන් අමුත්තන්ට මෙම අත්දැකීම ලබාගන්න පුළුවන්. 2019දී Diamond Theampark සම්මාන උළෙලේදී යුරෝපය හොඳම සත්වෝද්‍යානය ලෙස නම් කරන ලද මෙම නිකේතනය බ්‍රිග්ලෙට් හි බ්‍රසල්ස් සිට පැයක පමණ දුරකින් පිහිටා තිබෙනවා. එක් රැයක් මෙම උද්‍යානයේ රැඳී සිටීමට තීරණය කරන අයෙකුට උද්‍යානයේ නැගෙනහිර කෙළවරේ පිහිටා ඇති විවිධ නවාතැන් පොලවල් වලින් එකක් තෝරා ගත හැකි වෙනවා. මෙම නිවාඩු නිකේතනය කාමර සියයකින් සමන්විත වන අතර එහි විවිධ තේමාවන් අටක් යටතේ වන ජීවී දර්ශණ ඔබට නැරඹිය හැකි වෙනවා. නිවාඩු නිකේතනයේ අවසන් මායිමේ ශීතල ප්‍රදේශ වල වනජීවීන් රැඳී සිටිනවා.

 


වෘකයන් සහ වලසුන් මුහුදු සිංහයන් සයිබීරියානු ව්‍යාඝ්‍රයන් පෙන්ගුවින් හිම වලසුන් වැනි වන සතුන් මෙහිදී අමුත්තන් නැරඹීමට පැමිණෙනවා. සීතල ප්‍රදේශයේ නවාතැන් අතර පිහිටි කාමර හිම ගුහාවක නිදාගැනීමේ හැඟීමක් ජනිත කරවන අතර එහි වීදුරු කොටසක් සෘජුවම සතුන්ගේ ජලජ වාසස්ථානය බවට පත්ව තිබෙනවා. හිම වලසුන් නැරඹීමට කාමරේට ඉහළින් හෝ ජලය තුළ හිම වලසුන් දෙස බැලීමට අවස්ථාව ඔබට තෝරාගත හැකි වෙනවා. විශේෂයෙන්ම පැකේජයට එහි ජනේලය ආසන්නයේ ආසන වල නවාතැන් ගැනීම හා පැය 24 පුරා උද්‍යාන ප්‍රවේශය උදෑසන ආහාර රාත්‍රි ආහාර කාමරයට වයිෆයි මධ්‍යසාර නොවන බීම වර්ග ඇතුලත් වෙනවා. මෙලෙස මෙම උද්‍යානයේ දින දෙකක එක් රාත්‍රී පැකේජයක් එක් පුද්ගලයකුට යුරෝ 129ක් සිට 150 ක් අතර මුදලක් වැයවෙනවා. පවතින වසංගතය හේතුවෙන් නිවාඩු නිකේතනය සිය අමුත්තන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳ සමාජ දුරස්ථභාවය ඇතිව නිවාඩු නිකේතනය වෙත පැමිණීමට අවසර ලබාදී තිබෙනවා.


විශේෂයෙන්ම මෙම උද්‍යානය හරහා කුඩා දරුවන්ට වන සතුන් ආශ්‍රයෙන් අමතක නොවන අත්දැකීමක් ලබාගත හැකි බවයි වාර්තා වන්නේ. කෙනෙකුට දෙදිනක සංචාරයකට අමතරව සතියක් පුරාවට මෙම උද්‍යානයේ නතර වෙමින් සතුන් සමග කාලය ගත කරමින් සියවිවේකය ගත කිරීමට අවස්ථාව මෙම ආයතනය විසින් සලසා දෙනවා. ඒනිසාම යුරෝපයේ සංචාරය කරන්නන්ගේ අමතක නොවන සංචාරක අත්දැකීමක් බවට එය පත්ව ත තිබෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

views

930 Views

Comments

arrow-up