ඔබ නැරඹිය යුතුම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

ඔබ නැරඹිය යුතුම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය

ඔබ නැරඹිය යුතුම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය

උද්භිද උද්‍යාන ආරම්භ වී ඇත්තේ රෝගාබාධ වලට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ශාක සංවිධානාත්මකව වගාකරනු පිණිසයි. ග්‍රීසිය, ඉන්දියාව, මිසරය, මෙක්සිකෝව, රෝමය හා චීනය යන පැරැණි ශිෂ්ටාචාරවල මෙවන් ඖෂධ උයන් තිබී ඇත. එහෙත් නූතන උද්භිද උද් යානයක කාර්යභාරය ඉතා පුළුල් වී ඇත. ශාක වැවීම, දුර්ලභ ශාක ආරක්ෂා කිරීම, පර්යේෂණ කිරීම, අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවීම, ශාක වලට අදාලව පුස්තකාල රසායනාගාර සහ කෞතුකාගාර පවත්වාගෙන යෑම එම කාර්යන් සමහරකි.

 

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානම උද්භිද උද්‍යාන අතරින් එකකි පේරාදෙණියේ පිහිටි රාජකීය උද්භිද උද්‍යානය. දුටුවන්ගේ සිත් ඇදගන්නා සුළු පරිසරය කින් සමන්විත මෙම උද්‍යානය සති මැදදී මෙන්ම සති අන්තයේ දී ජනයාගෙන් පිරී යාම සුලභ ලක්ෂණයකි. තුන්වන වික්‍රමබාහු රජු විසින් පිහිටුවන ලද රාජකීය මල් උයන තිබූ ස්ථානයේ අද වන විට මෙම රාජකීය උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත. 1821 දී ඇලෙක්සැන්ඩර් මුන් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් පේරාදෙනියේ පැරණි රාජකීය මල් උයනෙහි මෙම උද්භිද උද්‍යානය පිහිටුවන ලදී. 1810 දී ජෝශප් නම් ඉංග්‍රීසි ජාතිකයා කොම්පඤ්ඤ වීදියේ පිහිටුවා තිබූ උද්භිද උද්‍යානයේ වූ ශාඛ වර්ගද පේරාදෙනිය උද්‍යානයට ගෙන යන ලදී. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ශාක උද්භිද විද්‍යාවේ නාමකරණය සකස් කළ සුප්‍රකට කැරොලස් ලීනියස් මහතාට උපකාරී වූ බැව් වාර්තා වේ. 1844 ට පසු කාලයේ පේරාදෙණිය උද්‍යානයේ සේවය කළ ජෝර්ජ් ගාඩ්නර් හා ජේම්ස් යන දෙදෙනාගේ දායකත්වයෙන් ලක්දිව ශාකයන්ගේ නාමලේඛනය පළවිය. 1896 දී එම උද්‍යානයේ සේවය කළ ජොසප් ඩී හූකර් නම් ඉංග්‍රීසි ජාතිකයා ලක්දිව ශාක සංහතිය පිළිබඳ අත්පොත එළිදැක්වීය. මෙම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ භූමි ප්‍රමාණය අක්කර එකසිය හතළිස් හතකි.

 

මුහුදු මට්ටමේ සිට උස අඩි 1550කි. තවද මෙහි සමශීතෝෂ්ණ දේශගුණයක් පවතින අතර සාමාන්‍ය වර්ෂාපතනය අඟල් අනූවකි. මෙහි සියලුම මහද්වීපයන්ගෙන් ගෙන්වන ලද ශාක ද තිබීම විශේෂත්වයකි. ලෝකයේ රටවල් රැසකින් ගෙන්වා බෝ කරන ලද ජලජ පැළෑටි සහිත විලක් මෙහි දක්නට ලැබෙන අතර යෝධ දිය මානෙල් ශාකය ඉන් ප්‍රධානයි. ගං ඉවුරේ යෝධ උණ පඳුරක් ද දක්නට ලැබේ. මෙහි ලොව අති දුර්ලභ අනර්ඝ තාල ශාක එකතුවක්ද දක්නට ලැබෙන අතර නිවර්තනික උද්‍යානයක දුර්ලභ අංගයක් වූ අලංකාර තණ පිටි කීපයක් ද දක්නට ලැබේ. එමෙන්ම ඉතා දුර්ලභ ඕකිඩ් වර්ග සහිත ඕකිඩ් හෙවත් උඩවැඩියා නිවාසයක්ද පවත්වාගෙන යනු ලැබේ. මෙම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ස්මාරක වෘක්ෂ කිහිපයක් දක්නට ලැබේ. හත්වන එඩ්වඩ් රජු සිටවූ බෝගස, රුසියාවේ සාර් රජු සිටවූ නා ගස, පස්වන ජෝර්ජ් රජු සහ බිසව සිටවූ සල්ගස, වින්ඩ්සර් ඈපා සිටවූ මූනමල් ගස, පළමුවන ලෝක යුද්ධය නිමවීම සිහිකරනු පිණිස ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා සිට වූ ටැබූයා රෝසියා ගස, ඩී එස් සේනානායක මහතා සිටවූ සියඹලා ගස ඉන් කිහිපයකි.


ඔබ ඔබගේ ආදරණීයයන් සමග පේරාදෙණියට ගිය අවස්ථාවකදී මෙම රාජකීය උද්භිද උද්‍යානය නරඹන්නට අමතක නොකරන්න.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

1181 Views

Comments

arrow-up