චොකලට් මිල්ක්ශේක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

චොකලට් මිල්ක්ශේක්

චොකලට් මිල්ක්ශේක්

පළවෙනි ක්‍රමය


අවශ්‍ය ද්‍රව්‍ය :-
    චොකලට් අයිස්ක්‍රීම් 250 ml
    චොකලට් සිරප් ටිකක්
    නැවුම් කිරි 125 ml


සාදාගන්නා ආකාරය :-


ඉහත සදහන් අමුද්‍රව්‍ය අතරින් අයිස්ක්‍රීම් හා කිරි ටික එකට දමා බ්ලෙන්ඩ් කරගන්න .වීදුරුවක් ගෙන එහි වටේටම චොකලට් සිරප් හෝ දිය කරගත් චොකලට් ගාන්න . දැන් බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය වීදුරුවට වත්කර විපින් ක්‍රීම් වලින් ඩෙකරේට් කරගන්න . ඊට උඩින් නැවතත් චොකලට් සිරප් හෝ දියකරගත් චොකලට් වත් කර පිළිගන්වන්න.


දෙවෙනි ක්‍රමය


අවශ්‍ය ද්‍රව්‍ය :-
    • චොකලට් 4 ( mars)
    •  නැවුම් කිරි වීදුරුවක්
    • අයිස්කැට කිහිපයක්
    • සීනි ස්වල්පයක්

 


සාදාගන්නා ආකාරය :-


මුලින්ම කිරි වලට සීනි ස්වල්පයක් හා අයිස්කැට එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න . ඉන්පසු චොකලට් 4 මදක් කුඩා කැබලි වලට කඩා ඉහත මිශ්‍රණයටම එක්කර නැවතත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න . ඉන්පසු චොකලට් සිරප් වටේට ආලේප කරගත් වීදුරුවකට එම මිශ්‍රණය වත්කර විපින් ක්‍රීම් හෝ චොකලට් සිරප් වලින් ඩෙකරේට් කර පිළිගන්වන්න .


චොකලට් සිරප් එක සාදාගන්නා ආකාරය බලමු.


අවශ්‍ය ද්‍රව්‍ය :-


    • කොකෝවා පවුඩර් 50g
    • නැවුම් කිරි කප් 1
    • සීනි කප් 1
    • කෝන් පිටි මේස හැදි 1 ½
    • වැනිලා බිංදු කිහිපයක්
    • ලුණු ස්වල්පයක්
    • බටර් ටිකක්



සාදාගන්නා ආකාරය :-

කොකෝවා පවුඩර් , කුඩා කැට සහිත සීනි , කෝන් පිටි, සියල්ලම භාජනයකට දමා ඉතා හොදින් කැට නොසිටින අයුරින් හොඳින් මිශ්‍ර කරගන්න .
සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් ටිකක් දමන්න. ඉන්පසු එයට කිරි ටික දමා කිරි ටික උතුරාගෙන එනවිට පෙර මිශ්‍රණය කිරි එකට එක් කරගන්න. දැන් හොදින් නොනවත්වාම හැදි ගාන්න . එයට වැනිලා බිංදු කිහිපයක් ද එක් කරගන්න .
මිශ්‍රණය බුබුළු දමා වතුර ගතිය නැතිවී ක්‍රීම් එකක් මෙන් තරමක් ගනට එනතුරු හොඳින් මිශ්‍ර කරන්න . ඉන්පසු ලිපෙන් ඉවත්කර වීදුරු වැනි සුදුසු භාජනයකට දමා ශීතකරණයේ තබා අවශ්‍ය අවස්ථාවලදී භාවිතයට ගන්න.
සිරප් එක භාවිතා කරන විට ඝනවී ඇතිනම්, මද උනුසුම් ජලය සහිත බදුනක ගිල්වා තැබීමෙන් දියකර ගැනීමට හැක.

 

 

 

 

 

 

 

by Lakshani

views

889 Views

Comments

arrow-up