ස්කොච් එග්ස් රස බලමු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

ස්කොච් එග්ස් රස බලමු

ස්කොච් එග්ස් රස බලමු

ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ "ස්කොච් එග්" හදාගන්නේ කොහොමද කියලා."ස්කොච් එග්" ලංකාවෙ එච්චර ජනප්‍රිය නැති වුනාට යුරෝපයේ එහෙම සෑහෙන්න ජනප්‍රියයි. විශේෂ අවස්තාවකට හදන බත් හරි මොනවා හරි එක්ක ඔයාලට මේ විදියට හදාගත්ත බිත්තර පිළිගන්වන්න පුළුවන්.

අවශ්‍ය දේවල්:


• තම්බා කටු ඉවත් කරගත්ත බිත්තර 5
• තම්බා පොඩි කරගත්ත අල ග්‍රෑම් 250
• පොඩියට කපාගත්ත ළුණු ගෙඩියක්
• කපාගත්ත කරපින්චා කොළ 5-6
• කහ කුඩු තේ හැදි 1
• ගම්මිරිස් තේ හැදි 1
• ලුණු පොඩ්ඩක්
• කපාගත්ත අමු මිරිස් කරල් 2
• බිත්තර 1ක බිත්තර සාරු
• පාන් පිටි කෝප්ප 1
• පාන් කුඩු කෝප්ප 1 (බිස්කට් කුඩු කියන්නෙත් මේවට තමා)
• බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය:


මුලින්ම තෙල් පොඩ්ඩක් භාජනයකට දාලා රත්කර ගන්න. තෙල් ටික රත් වෙනකොට කරපින්චා, අමු මිරිස්, ළුණු ටික දාලා පොඩ්ඩක් බැදෙන්න තියන්න. ළුණු ටික බැදුනම ඒකට කහයි, ගම්මිරිසුයි දාලා තම්බලා පොඩි කරගත්ත අල ටිකත් දාලා තෙම්පරාදු කරගන්න. මේ වෙලාවෙදි ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න. අල ටිකත් තෙම්පරාදු වුනාම ලිප නිවලා මේ හදාගත්ත තෙම්පරාදුව (ඒ කිව්වෙ අල මිශ්‍රනය) පොඩ්ඩක් නිමෙන්න තියන්න.


ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අල මිශ්‍රනය අරගෙන "තම්බ්ගත්ත බිත්තර" වටේටම මේ අල මිශ්‍රනය තවරගන්න ඕනෙ. ඒ කියන්නෙ බිත්තරේ වටේටම මේ මිශ්‍රණය එක තට්ටුවක් වගේ අලවගන්නව වගේ වැඩක්. බිත්තර ඔක්කොගෙම වටේට මේ විදියට අල මිශ්‍රනය තවරගත්තට පස්සෙ බිත්තර වල ඒ අල තට්ටුව උඩින් පාන් පිටි තවර ගන්න ඕනෙ අපි.


ඊළගට තියෙන්නෙ පාන් පිටි තවරගත්ත බිත්තර වල "බිත්තර සාරු" තවර ගන්න එක. බිත්තර සාරු තවරා ගත්තට පස්සෙ ඊට උඩින් පාන් කුඩු තවරගන්න ඕනෙ. දැන් අන්තිමටම මේ විදිහට හදාගත්ත බිත්තර ටික ගැඹුරු තෙලේ බැදගන්න වැඩේ තමයි ඉතුරු වෙලා තියෙන්නෙ කරන්න. තෙල් ටික රත් වෙන්න තියලා ඒකට බිත්තර ටික දාගෙන බැදගන්න. ඒ වැඩේ ඔයාලට අමාරු වෙන්නෙ නැහැ. හැබැයි වැඩිය කලබල වෙන්නෙ නැතුව බිත්තර ටික තෙලට දාගන්න එකයි, තෙලෙන් ගන්න වැඩෙයි කරන්න.


එච්චරයි! බිත්තර ටික බැදගත්තට පස්සෙ තියෙන්නෙ ලස්සනට සරසගෙන මේසෙට යවන එක. කැමතිනම් බැදගත්ත ඉස්සො වගේ මොනවා හරි දේකුත් තව පොඩ්ඩක් මේක සරසා ගන්න කරගන්න එකතු කරන්න පුළුවන්. බිත්තර තම්බනකොට විනාඩි 10ක් විතර තම්බගන්න ඕනෙ. එතකොටම තමයි කහමදය ලස්සනට තැම්බිලා එන්නෙ. සමහරු කහ කහ මදය වැඩිය තම්බන්නෙ නැතුවත් මේ "ස්කොච් එග්" හදන්න ගන්නවා.

 

 

 

 

 

 

by Dilki Shamani

views

827 Views

Comments

arrow-up