චීන ඩම්ප්ලින්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

චීන ඩම්ප්ලින්

චීන ඩම්ප්ලින්

එකම කෑම සඳහා විවිධ රටවල් වල විවිධ නම් භාවිතා කරනවා.අපි හදන්න යන මේ කෑම මොමෝ නැත්නම් මාමා කියන්නේ ටිබෙටයේ හඳුන්වන නම. චීන ක්‍රමයට ඩම්ප්ලින් කියලා කියනවා. ජපානේ එහෙම නිකුමන්, බුටමන් කියලා එහෙමත් කියනවලු. මේක සීත කාලෙට එහෙම ජපානෙ ජනප්‍රිය කෑමක් විදියටයි හඳුන්වන්නේ. මේක හදන්න හරිම පහසුයි.


අවශ්‍ය දේවල්:


• පාන් පිටි
• ලුණු පදමට
• කිරි/වතුර

පිරවුමට අවශ්‍ය දේවල්:


• කැමති මස් වර්ගයක්
• පොඩිවට කපපු ලූණු
• චොප් කරගත්ත සුදුළූණු
• ලූණු කොළ
• ලුණු
• ගම්මිරිස්

පිරවුමට අවශ්‍ය දේවල් (වෙජිටේරියන් අයට):


• පොඩි තීරු කපලා තම්බගත්ත අල
• උතුරපු උණු වතුරට දාලා ඒ ගමන්ම එළියට ගත්ත නිවිති
• ලූණු
• සුදුළූණු
• ගම්මිරිස්
• ලුණු

සාදාගන්නා ආකාරය:


පාන් පිටි, ලුණු පදමට, කිරි/වතුර දාලා රොටී පදමට හොදට අනාගෙන පැයක් විතර වහල තියන්න. එළවළු රොටී හදනකොට වගේ තෙල් පොඩ්ඩක් ගාලා තිබ්නොත් තවත් හොදයි. මේ විදිහට තමයි අපේ "ඩෝ" එක හදාගන්න ඕන. ඒ අතරතුර පිරවුම හදන්න. සාම්ප්‍රදායික ටිබෙට් ක්‍රමයට හදද්දි අඹරපු හරක් මස් තමයි මේකට ගන්නේ. ඒ වෙනුවට කැමති මස් වර්ගයක් ගන්න පුළුවන්. ගොඩක් පොඩිවට කපපු ලූණු, චොප් කරගත්ත සුදුළූණු, ලූණුකොළ, ලුණු, ගම්මිරිස් පොඩ්ඩක් දාලා හොදට අනාගන්නවා. වෙජිටේරියන් නං පොඩි තීරු කපලා තම්බගත්ත අල, උතුරපු උණු වතුරට දාලා ඒ ගමන්ම එළියට ගත්ත නිවිති, ලූණු,සුදුළූණු,ගම්මිරිස්,ලුණු එකට මිශ්‍ර කරගන්න. හදාගත්ත ඩෝ එකෙන් කොටසක් කඩාගෙන අල්ල අතර තියලා අඹරන්න ලණු අඹරනවා වගේ. දැන් ඇගිළි පුරුක් දෙකක දිගට කෑලි කඩාගන බෝල කරන්න. සමාන ප්‍රමාණෙට ගන්නයි එහෙම කරන්නෙ.

 

දැන් ඒ එක එක බෝලෙ ජෑම් බෝතල් මූඩියකට පොඩ්ඩක් ලොකුවෙන්න තුනී කරගන්න. මෙතනදි මැද ගණකමට තියෙන්න තුනී කරන්න ඕනෙ. දැන් මැදින් පිරවුම ගුලියක් මැදින් තියලා වාටිය එක උඩ එක රැළි තියාගන්න. මේ විදියට පිරවුම දා ගත්ත මිශ්‍රණය හදාගෙන ස්ටීම් කරගන්න. කොත්තමල්ලි කොළ, වේලිච්ච මිරිස්, ලුණු එකට ග්‍රයින්ඩ් කරගෙන රත් කරගත්ත තෙල් ටිකකට ඒ මිශ්‍රණය දාලා කලවම් කරගෙන මේක කන්න චිලි පේස්ට් එක හදාගන්න. කන වෙලාවට පීරිසියට මේකෙන් ටිකක් දාගෙන ඊට උඩින් සෝය් සෝස් ටිකක් දාලා ඩම්ප්ලින් එක ඒකෙ ඔබලා කන්න. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ මාම එක ඔබට කැමති රසයකින් සකස් කරගන්න. පොඩි අය වුණත් ආසාවෙන් එය රස බලාවි.

views

631 Views

Comments

arrow-up