DEC
05
පාන් පීසා

අවශ්‍ය දෑ,
- පාන් පෙති කීපයක් වාටි ඉවත් කර
- බටර් ස්වල්පයක්
- තක්කලි සෝස්
- තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක්
- කපාගත් මාලු මිරිස්
- ලූනු රවුම් කපා
- තක්කාලි රවුම් කපා
- මොසරැල්ලා චීස්
සාදන ආකාරය,
පාන් පෙති මත බටර් ස්වල්පයක් තවරා ගන්න
මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට පසුව තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් හා තක්කාලි එහෙමත් එකතු කරගන්න. අතුර ගත් මිශ්‍රනය වැසෙන සේ මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) උඩින් අතුරගන්න.
සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7ක් 8ක් පුලුස්සා ගන්න එහෙමත් නැත්නම් නොන්ස්ටික් පෑන් එකක වසා කලින් කියූ ලෙස සකස් කරගන්නත් හැකියාව තියෙනවා
by Kaushalya De Silva
874 Views
Comments