DEC
21
කොස් තෝසේ

පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය,
- කොස් පිටි ග්‍රෑම් 250 ක්
- ලුණු රස අනුව
- පොල් තෙල් තේ හැන්දක්
- ලුණු ගෙඩියක්
- වතුර කෝප්ප පහක්
- සිහින්ව ලියාගත් කරපිංචා ස්වල්පයක්
පිළියෙල කරගන්නා ආකාරය,
පළමුව තෙල් ස්වල්පයක් බඳුනකට දමා ලිප තබා රත්කර එයට ළූණු, කරපිංචා දමා රන්වන් පැහැයට බැදගන්න. වෙනත් බඳුනක් රැගෙන එයට කොස් පිටි, ලුණු සහ වතුර කෝප්ප තුනක් දමා අනන්න. එය විනාඩි පහළොවක් පමණ පිපෙන්නට හරින්න. ඉන්පසුව තවත් වතුර කෝප්ප දෙකක් දමා අනා එයට තෙම්පරාදු කර ගත් මිශ්‍රණය දමන්න. තෝසේ සාදන තැටිය ලිප මත තබා රත්කර මිශ්‍රණය හැන්දකින් දමන්න. එය හැන්දෙන් තුනී කරන්න. දෙපැත්ත දමා පුච්චන්න.
1206 Views
Comments