යෝගට් පුඩිං - Yogurt Pudding
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

යෝගට් පුඩිං - Yogurt Pudding

යෝගට් පුඩිං - Yogurt Pudding

යෝගට් කියන්නෙ බොහෝ සෙයින් ගුණදායක අතුරුපසක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට. යෝගට් ගුණදායකයි කියලා කිව්වම අම්ල පිත්ත රෝගයට, ආතරයිටිස් වලට සහනයක් ලබා දීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව පවත්වාගෙන යාමටත්, දරුවන්ට අවශ්‍ය කැල්සියම් හා ප්‍රෝබයොටික් සංයෝගය සහිත යෝගට් වල ගුණය කියලා නිම කරන්න නම් බැහැ. ඉතින් අද අපි ඔයාලට ඒ ගුණදායක යෝගට් යොදා පහසුවෙන් සකස් කරන ඉතා රසවත් අතුරුපසක් අරගෙන ආවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

  •  යෝගට් කිලෝ 1 ටබ් එකක් ගන්න
  •  අයිසින් සීනි ග්‍රෑම් 175 යි
  •  ජෙලටීන් ග්‍රෑම් 25 යි
  •  කිරි අඩු කෝප්ප 1 යි ( පිටි කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් මේ සදහා යොදා ගත හැකියි)
  •  සීනි ටිකකට පලතුරු කැබලි දමා එය රත් කර ගන්න. ( ෆෘට් සිරප් )

 

සාදාගන්නා ආකාරය,

 

යෝගට් වලට අයිසින් සීනි , කිරි හා උණු වතුර මේස හැදි 5 ක දිය කරගත් ජෙලටීන් ටිකක් භාජනයකට දමා ගන්න. දැන් මෙය හොඳින් හැන්දකින් කලවම් කරමින් විනාඩි 8 ක් පමණ මද ගින්දරේ රත් කර ගන්න. ඉන්පසු එය ලිපෙන් බාන්න. බීටරයක් ආධාරයෙන් හොඳින් බීට් කරගන්න. කැමති නම් බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. දැන් සීනි වතුරේ තම්බා ගත් පලතුරු කැබලි ( ෆෘට් සිරප්) ටික දමා නිවුනු පසුව ශීතකරණයේ තබන්න. ශීතකළ පසු කෑමට පිළිගන්වන්න. හැබැයි මේ පුඩින් එක සෙට් වෙන්න පැය 18 ක් හෝ 20 ක් පමණ ගතවෙනවා. ඒ නිසා යම් අවස්ථාවකට හදනවා නම් ඊට පෙර දින සකස් කර ශීතකරණයට දමන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source: Internet

views

717 Views

Comments

arrow-up