"මමයි මහත්තයයි ෆොටෝ නොදාන එක දැන් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා" - ලෝචනා ඉමාෂි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

"මමයි මහත්තයයි ෆොටෝ නොදාන එක දැන් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා" - ලෝචනා ඉමාෂි (PHOTOS)

"මමයි මහත්තයයි ෆොටෝ නොදාන එක දැන් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා" - ලෝචනා ඉමාෂි (PHOTOS)

ලෝචනා ඉමාෂි කියන්නේ කවුද කියන එක අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක් විදිහට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ලෝචනා ගැන පසුගිය කාලයේ විවිධ කතා පැතිරුණා. ඒ තමයි ලෝචනා විවාහයෙන් වෙන් වෙලා සැමියා සහ දරුවන්ගෙන් වෙන්ව ලංකාවට ඇවිත් වැනි කතන්දර. නමුත් ඒ ඔක්කොටම නිහඬව සිටි ලෝචනා දැන් උත්තර ලබා දී තිබෙනවා. ඒ මේ වෙද්දී දරුවා සහ දැමීම සැමියා ලංකාවට පැමිණ තිබෙන නිසා. ඒ නිසාම මේ දවස්වල ගතවෙන ජීවිතය ගැන අපි ලෝචනා එක්ක කතා කරා.

 

කොහොමද මේ කාලය ගතවෙන්නේ ?

 

නින්දෙන් නැගිට්ටා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. පුතා පෙබරවාරි මාසයේ එනවා කියලා මම දැනගෙන හිටියට එන දවස දැනගෙන හිටියෙ නැහැ. ඉතින් පෙබරවාරි 27 කියන්නේ මගේ ජීවිතේ පුදුම වුණු දවසක්. මේ සැරේ පමා වෙලා හරි මට ලැබුණු Valentine Gift එක තමයි මගේ පුතා.

 

අවුරුදු දෙක හමාරකට පස්සේ පුතා දැක්කම දැනුණු හැඟීම ?

 

සමහර අය මට කිව්වා අවුරුදු දෙකහමාරක් අම්මා කෙනෙක් කොහොමද දරුවෙක් රට තියලා එන්නේ කියලා. මටවත් නැති ප්‍රශ්න මේ සමාජයේ අය මට එල්ල කළා. ඉතින් ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නය. නමුත් මට කාටවත් ඒ වෙනුවෙන් උත්තර දෙන්න හෝ ඔප්පු කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා හෝ මම සහභාගී වුනු වැඩසටහන් තුලින් එළියට ආව අවස්ථාවන් තිබ්බා. හැබැයි මට පුළුවන් හැම වෙලාවකම ඉවසගෙන හිටියා. මොකද මම දන්නවා මගේ ළමයා හොඳින් ඉන්නවා කියන එක. දැන් අපේ ලංකාවේ අපි ඉන්න තත්වයට වඩා නිදහස් සිය දහස් ගුණයක් හොඳට සැපට ඉන්නවා කියන එක මම දන්නවා. ඉතින් ඒ විශ්වාසයෙන් මම හිටියා. දෙමවුපියන් කැමැති තමන්ගේ දරුවන් හොඳින් ඉන්නවා දකින්නනේ. ඒ නිසා මම ළඟ නැතත් මගෙ දරුවා හොඳින් කියන දේ මගේ හිතට සතුටක් ගෙන දෙන දෙයක් වුණා. නමුත් අම්මා කෙනෙක් විදිහට ළමයා ඉන්නවා දකින්න අතගාන්න සහ බදා ගන්න ආසාවක් තිබ්බා. ඒක එන්න එන්නම දරුණුවට වැඩි වුනා මිසක් අඩු වුණේ නැහැ.

 

 

පාසල් යන්නෙ නෙදර්ලන්තයේද ?


ඔව්. එයා එහේ තමයි පාසල් යන්නේ. මේ ආවෙත් පාසල් නිවාඩුවට. මේ සැරේ එයාට නිවාඩු තියෙන්නෙ හරියටම සති දෙකයි. ඒ නිසා සති දෙකෙන් පුතා ආයෙ තාත්තා එක්කම රට යනවා. පුතාට ආයෙ නිවාඩු තියෙන්නෙ අගෝස්තු මාසේ. ඒ වෙද්දි නම් මාස එක හමාරක නිවාඩුවක් තියෙනවා.

 

මේ සැරේ යද්දි ලෝචනාත් යනවද ?

 

නැහැ. මේ සැරේ මම යන්නේ නැහැ. අගෝස්තු මාසයේ ලංකාවට ආවට පස්සේ ඒ මාස එකහමාර ලංකාවෙ ගත කරලා මමත් පුතත් එක්කම රට යනවා.

 

එතකොට ලෝචනා යන්නේ නවතින්නම බලාගෙනද ?

 

ඒක හරියටම දැන්ම කියන්න බැහැ. ඒ වෙද්දි තියෙන පසුබිම එක්ක තමයි මම එහේ ඉන්න කාලය තීරණය වෙන්නේ.

 

 

අවුරුදු දෙකහමාරකට පස්සෙ ලැබුණු සති දෙක කොහොමද ගතවෙන්නේ ?

 

මම එක විනාඩියක්වත් අහක දාන්නේ නැහැ. ළමයා නිදා ගත්තට පස්සේ තමයි මම එයාගේ අනෙකුත් වැඩ පවා කරන්නේ. ළමයාගේ කෑම බීම එක්ක ඇඳුම් ලොකුවට ගේන්න එපා කිව්වා. මොකද එහේ ඇඳුම් මෙහෙ දේශගුණයට ගැලපෙන්නේ නැහැ. ඉතින් දරුවාට අවශ්‍ය දෙයක් පවා ගන්න යන්නේ දරුවා නිදා ගත්තම. ඒ තරමටම මම මේ කාලය දරුවා එක්කම ඉන්නවා.

 

පහුගිය කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ පැන නැගුනු ප්‍රශ්ණ දැන් නැතුව ඇති නේද ?

 

දැන් මම මේ කාලේ කොහේ ගියත්, ගෙදර හිටියත් දරුවත් එක්ක ෆොටෝ දානවා. දැන් අහන ප්‍රශ්නය තමයි මහත්තයා සහ මම තනි ෆොටෝ දාන්නෙ නැත්තේ ඇයි ? හස්බන්ඩ් නැද්ද ? පවුල කැඩිලද ?ළමයා විතරක් ඇයි ? කියලා මට හිතුණා මම ඇයි ඒවට උත්තර බඳින්න කියලා. අනික මට කාටවත් ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම මගේ පාඩුවේ ඉන්නවා.


එතකොට මේ කාලෙ කලා කටයුතු භාර ගත්තේ නැද්ද ?

 

කොහොමත් මම කොවිඩ් එකත් එක්ක කලා කටයුතු ලොකුවට කළේ නැහැ. මම හිතුවා මට ගැළපෙන මගේ වටිනාකම ලැබෙන දෙයක් ලැබුණොත් විතරක් කරනවා කියලා. අදටත් මට ආදරය කරන අය ඉන්නේ මම කරපු නිර්මාණ නිසා. මම අදටත් ඒ කාලෙ හිටිය ලෝචනාම තමයි. ප්‍රසිද්ධ වෙන්න ඕනේ කියලා හිතාගෙන දඟලන කෙනෙක් නෙවෙයි.

 

 

එන්න එන්න ලස්සන වෙන රහස මොකක්ද ?

 

එහෙමත් නැහැ. එන්න එන්න ලස්සන වෙනවද මම දන්නේ නැහැ. එන්න එන්න වයසට නම් යනවා. මම කොහොමත් කවදත් ලොකුවට සැලෝන් වලට ගිය කෙනෙක් නෙවෙයි. හිතේ සතුටින් තමා හැම වෙලාවෙම ඉන්න උත්සාහ කරන්නේ. ඒ හිතේ සතුට වෙන්න ඇති මුහුණෙන් පේන්නේ.

 

අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති ?

 

ප්‍රේක්ෂක ආදරය තමයි හැමදාම කලාකරුවන් විදිහට අපිව තෘප්තිමත් කරන්නේ. ඉතින් ඒ ආදරයට මම හැමදාමත් ආදරෙයි. මේ වෙද්දි මට වගේම මගේ දරුවාට ආදරය කරන පිරිසක් ඉන්නවා කියන දේ ලැබෙන ප්‍රතිචාර එක්ක මට දැනෙනවා. ඒ ප්‍රේක්ෂකයන් හැමදාම මා එක්ක ඉඳියි කියලත් මම විශ්වාස කරනවා.

 

 

 

 

 

 

 

 

 

 

අනූෂා රණසිංහ

views

2031 Views

Comments

arrow-up