සමිතාට පණ වගේ ආදරේ කරන චිරන්තගේ කොන්ඩේ හිටි හැටියේම සුදු වෙයි... හේතුව මෙන්න... (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

සමිතාට පණ වගේ ආදරේ කරන චිරන්තගේ කොන්ඩේ හිටි හැටියේම සුදු වෙයි... හේතුව මෙන්න... (PHOTOS)

සමිතාට පණ වගේ ආදරේ කරන චිරන්තගේ කොන්ඩේ හිටි හැටියේම සුදු වෙයි... හේතුව මෙන්න... (PHOTOS)

සමිතා මුදුන්කොටුව ගැන ගොඩක් පුවත් සමාජ මාධ්‍යවල පලවෙනවා.

 

අපේ රටේ ප්‍රවීන ගායිකාවක් වන ඇය මුලින්ම විවහා වෙලා හිටියේ අතුල අධිකාරි සමගයි.අතුලගේ සහ සමිතාගේ දරුවන් තමයි කාවින්ද්‍යා සහ ෂේන් කියන්නේ. ඉන්පසු අතුලගෙන් වෙන් වෙලා වසර ගණනාවකට පසු සමිතා නැවතත් අලුත් සම්බන්දයක් පටන් ගන්නවා.

 

ඒ ගැන නම් අපේ රටේ ඕනෑවටත් වඩා කතාකරනවා. ඒ තමයි චිරන්ත ගුණවර්ධන. කොහොම වුනත් මුලදී මේක වසන් කරන්න හැදුවත් ඉන් පස්සේ සමිතාම කිව්වා ඇයගේ අලුත් සැමියා තමයි චිරන්ත කියලා. ඒත් ඉතින් රටේම මේක ගැන වැඩියෙන් කතාකරන්න ගත්තේ ඔහු සමිතාට වඩා ගොඩක් බාල තරුණයෙක් වීම නිසයි.

 

මේක රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුනාට සමිතා හා චිරන්තටත් ඔවුන්ගේ පවුලේ අයටත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ ගැන සමිතාගේ සැමියා කිව්වේ මෙහෙම කතාවක්.

 

අද සමහරු කතා කරනවා සමිතාගේ සහ මගේ වයස් පරතරය ගැන. ඇත්තටම ඒක ඔය තරම් කතාකරන්න ඕන දෙයක් නෙවෙයිනේ. අපි දෙන්නට මගේ වයස් ගැන ප්‍රශ්නයක් නැහැ. අපි වගේ ජිවත් වෙන අය මේ රටේ කොච්චර ඉන්නවා ඇද්ද. අපෙන් කාටවත් කරදරයක් නැහැනේ පුලුවන් විදියට කෙනෙක්ට උදව්වක් කරගෙන අපි ඉන්නේ. මටවත් සමිතටවත් වයස ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයාලා ඒ දෙවල් ගැන වද වෙන්න එපා. අපි ගොඩක් ආදරෙන් සතුටින් ජිවත් වෙද්දී සමහරුන්ට ඒකත් ප්‍රශ්නයක් වෙලා තියනවා. සමිතාට කොච්චර ලස්සන හඬක් තියනවද. එයාගේ ලස්සන සින්දු කොච්චර තියනවද, එයාගේ ගීතයක්වත් අගය කරන්නේ නැති මිනිස්සු කතා කියද්දී මගේ බිරිඳ මොනතරම් ඉවසනවද. මේවා කියන කට්ටියගෙන් මම අහන්නේ අපි ඔයාලට කරපු වැරැද්ද මොකක්ද. අනුන්ගේ දේවල් හොයලා ප්‍රශ්න හදන්නේ නැතුව ඔයාලත් ආදරේ විදින්න. මගේ මොකක් හරි පිනක් නිසා සමිතාව මට ලැබුනේ.

 

 

 

 

 

 

 

 

 

 

 

views

1975 Views

Comments

arrow-up