ඇමරිකාවේ වෙසෙන අනර්කලී දියණියකට උපත දෙමින් උතුම් මව් පදවිය ලබයි - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ඇමරිකාවේ වෙසෙන අනර්කලී දියණියකට උපත දෙමින් උතුම් මව් පදවිය ලබයි - (PHOTOS)

ඇමරිකාවේ වෙසෙන අනර්කලී දියණියකට උපත දෙමින් උතුම් මව් පදවිය ලබයි - (PHOTOS)

අනර්කලී ආකර්ෂා කියන්නේ  මීට කළකට කලින් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇයට අදටත් ආදරේ කරන ප්‍රේක්ෂකයන් රැසක් ඉන්නවා. ඇය කතා කරන කතා විලාසය සහ ඒ රූමත් සුන්දර රූපයට බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ වගේම ඇය හරිම නිහතමානියි නිරහංකාර රංගන ශිල්පිනියක් කියන්න කොයි කවුරුත් දන්නවා

 

ඉතින් සිනමා ක්ෂේත්‍රය තුළ අනර්කලී ආකර්ෂා රංගනයෙන් දායක වූ සිනමා පට

 

බොහොමයක් තියෙනවා. ඒ වගේම තමයි ඇය දක්ෂ නිවේදිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් මෙහෙය වූවා. කෙසේ නමුත් මේ වන විට කලා ලෝකයෙන් ඈත් වෙලා තමයි ජීවත් වෙන්නේ.

 

ඉතින් නයි එෆ් එම් අපි අද ඔබට කියන්න යන්නේ ඇය ගත කරන ඒ සුන්දර ලස්සන ජීවිතය ගැනයි. අනර්කලී මේ වෙද්දි ලංකාවෙ නෙවෙයි ජීවත් වෙන්නේ ඇය විදෙස් ගත වෙලා ඇමරිකාවේ ආදරණීය සැමියත් එක්ක ඉතාම සුන්දර යුග ජීවිතයක් ගත කරනවා කියන්න සඳහන් වෙනවා. මේ විදියට ඇගේ අත ගත්තු එයා ආදරණීය ස්වාමිපුරුෂයා වන උවිදු රොද්‍රිගෝ සමග තමයි අනර්කලී කාලය ගත කරන්නේ.

 

ඉතින් පසුගිය දවසක අපි අහන්න ආස කරන හරිම සුන්දර ආදරණීය පුවතක් මේ පුංචි පවුලෙන් වාර්තා වුණා. ඒ තමයි අනර්කලී ආකර්ෂා උතුම් මව් මවු පදවිය ලබන්නට වාසනාවන්ත වුණා කියන ඒ සොඳුරු පණිවිඩය. ඇය ආදරණීය සිඟිති දියණියකට තමයි මේ විදිහට උපත ලබා දෙන වාසනාවන්ත උනේ.

 

අනර්කලි මේ සුබ පණිවිඩය ඇගේ Instagram ගිණුමේ සටහන් කරලා තිබුණා එහිදී ආදරණීය දියණියගේ ඡායාරූපයක් ද ඇය එකතු කරල තිබුණා. එහිදී ඇය සඳහන් කරලා තිබ්බේ මේ සිඟිති දියණිය ඇගේ ජීවිතයට ලැබුණු විශාලතම ආශිර්වාදය කියලයි.

 

ඒ වගේම තමයි මේ සුන්දර දියණියගේ ආදරණීය නම තමයි Lavinia Grace Rodrigo කියලත් සඳහන්.  ඉතින් ඇයට සුන්දර සිඟිති දියණියත් ආදරණීය ස්වාමිපුරුෂයා ක් සමඟ ලස්සන ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

 

 

 

 

 

 

 

views

2035 Views

Comments

arrow-up