කවුද මේ ෆටුහිවා හි රජ ?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

කවුද මේ ෆටුහිවා හි රජ ?

කවුද මේ ෆටුහිවා හි රජ ?

ෆටුහිවා යනු ප්‍රංශ පොලිනීසියාවේ පිහිටි මාර්කසාස්‌ දූපන්‌ සමූහයට අයත් දකුණු දිග දූපතකි.
 



මේ දූපතටම ආවේණික සිවුරු හොරුන්‌ විශේෂයක්‌ ෆටුහිවා හී රජ යන නමින් හැඳින්‌ වේ. සිවුරු හොරුන් යැයි හැඳින්වූවාට මොවුන් කළු පැහැයෙන් යුක්ත පක්ෂීන් විශේෂයකි.

ඉංග්‍රීසි නාමය: Fatuhiva Monarch
චිද්‍යාන්මක නම: Pomarea whitneyi

 


ඔවුන්‌ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
21 වන සියවස වනවිට ඔවුන්‌ ගෙන්‌ සියයට අනූවක්ම අප අතහැර ගොස්‌ තිබේ.
දැනට සිටින පක්‍ෂින්‌ සංඛ්‍යාව 50ක්‌ පමණ වන බව වාර්තා වන අතර මේ 50 න්‌ 33 දෙනෙකු පමණක්‌ පරිණන තත්ත්වයේ සිටින බව හෙලිවී තිබේ.
ෆටුහිවා දූපතට කළු මීයන්‌ හඳුන්වාදීමත් සමඟ සිවුරු හොරුන්ගේ ගහනය පහළ වැටුණු බව කියැවේ.
මේ නිසා ෆටුහිවාහි රජුට ෆටුහිවාහී කිරුළ පමණක්‌ නොව ජීවිතයද අත්හරින්නට සිදුව ඇත.

views

207 Views

Comments

arrow-up