උසස් පෙළ සංයුක්ත ගණිතය - ත්‍රිකෝණමිතිය (1 කොටස)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

උසස් පෙළ සංයුක්ත ගණිතය - ත්‍රිකෝණමිතිය (1 කොටස)

උසස් පෙළ සංයුක්ත ගණිතය  -  ත්‍රිකෝණමිතිය (1 කොටස)

උසස් පෙළ සංයුක්ත ගණිතය  -  ත්‍රිකෝණමිතිය (1 කොටස)

 

මූලික ත්‍රිකෝණමිතික අනුපාත  (සෘජුකෝණී ත්‍රිකෝණයක)

 

 

 

 

Sin α

α කෝණයට අනුබද්ධ සම්මුඛ පාදය කර්ණයට දරන අනුපාතය Sin α වේ.

Sin α = AB/AC

 

Cos α

α කෝණයට අනුබද්ධ බද්ධ පාදය කර්ණයට දරන අනුපාතය Cos α වේ.

Coz α = BC/AC

 

Tan α

α කෝණයට අනුබද්ධ සම්මුඛ පාදය බද්ධ පාදයට දරන අනුපාතය Tan α වේ.

Tan α = AB/BC

 

 

Sin α/ Cos α සලකමු.

 

Sin α/ Cos α  =  AB/AC  =  AB/AC  =  AB/BC = Tan α

                         BC/AC      BC/AC

 

                 Sin α/ Cos α = Tan α

 

 

Sec α

Cos α හි පරස්පරය α හි සීකනය (Sec) ලෙස අර්ථ දැක්වේ.

Sec α = 1/Cos α

එනම්  Sec α = AC/BC

 

Cosec α

Sin α හි පරස්පරය α හි කොසීකනය (Cosec) ලෙස අර්ථ දැක්වේ.

Cosec α = 1/Sin α

එනම්  Cosec α = AC/AB

 

Cot α

Tan α හි පරස්පරය α හි කොටැංජනය (Cot) ලෙස අර්ථ දැක්වේ.

Cot α = 1/Tan α

එනම්  Cot α = BC/AB

 

 

Cos α/ Sin α සලකමු.

 

Cos α/ Sin α  =  BC/AC  = BC/AC  = BC/AB = Cot α

                        AB/AC    AB/AC

 

                 Cos α/ Sin α = Cot α

 

views

388 Views

Comments

arrow-up