උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
විෂයයන් කිහිපයකට අදාලව පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කරගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත්තේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාලව එම කටයුතු ආරම්භ කර ඇති බවයි.
පිළිතුරු පත්‍ර ඇගයීම යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත මධ්‍යස්ථානවලදී එම කටයුතු සිදු කෙරේ.
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ඇතුළු අනෙක් විෂයයන්ට අදාලව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.
416 Views
Comments