දකුණු ආසියාවේ අධ්‍යාපනයට අඩුවෙන්ම මුදල් වෙන් කරන රට

රට පුරා විසිරී සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් පැවති කොවිඩ් වසංගත උවදුර සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. 3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් ගණනය කිරීම සහ සාක්ෂරතාව වැනි මූලික කුසලතාවන්හි අවම ලකුණු මට්ටම් පවා ලබා ගෙන නොමැති බව ඒ පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාවක දැක්වේ.
එය ද්විතියික අධ්‍යාපන මට්ටමට සහ ඉන් එහාට අනාගත ජීවිතය සහ රැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය පුද්ගල සංවර්ධනය සඳහා වඩාත් අත්‍යාවශ්‍ය පදනම් තත්වය නොමැති තත්වයකි.
පිළිගත් අන්තර්ජාතික මිණුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ත් 6% ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතුයි. එහෙත් ශ්‍රී ලංකාවේ මේ වන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන් අඩකට වඩා අඩු අගයක් වන 2% කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව තිබේ.
ඉගෙනීමේ අර්බුදයන්ගෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ රටේ ප්‍රාථමික ශ්‍රේණිවල සහ වතුකරයේ සිටින කුඩා දරුවන් ඇතුළු අවදානම් තත්ත්වයන්ට මුහුණදිය හැකි දරුවන්ය.
756 Views
Comments