කුඩා කල සිටම ළමුන්ට බෙදාගැනීම ගැන උගන්වන රට

ජර්මනියේ දරුවන් තමන් ප්‍රවේසම් කරගත් ඇඳුම් පැලඳුම්, කතන්දර පොත්, පාසල් උපකරණවලට අමතරව ටොෆි චොකලට් එහෙමත් වසර අවසානයේ පොළේ තබා විකුණනවා.
ජර්මනිය වැනි රටවල ඔවුන් දරුවන්ට අනෙකා වෙනුවෙන් ඉතිරි කරන්නට, පරිස්සම් කරගන්නට, පුහුණු කරන්නේ කුඩා කාලයේ සිටමය. සමහර විට එවැනි රටවල් අද දියුණු තැනකට පත්වෙන්නත්, ආකල්ප අතින් උසස් මනසක් සහිත පිරිසක් බිහිවීමටත් එය හේතුවක් විය හැකිය.
එම රටවල දරුවන්ට යම් අවබෝධයක් තිබෙන කාල සීමාව වන විට ඔවුන් පාව්චිචි කරන හුඟක් බඩු බාහිරාදිය පරෙස්සම් කරන්න මවුපියන් ඔවුන්ව හුරු කරනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ සෙල්ලම් බඩු, පොත්පත්, ඉතා පිරිසුදුව, පරෙස්සම් කරන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම තමන් පාවිච්චි කරන උපකරණ පරෙස්සම් කරගන්න ඔවුන් හුරුවෙනවා.
සෑම වසරක අවසානයේම මේ දරුවන්ට ඔවුන්ගේ මවුපියන් හරි අපූරු අත්දැකීමක් ලබා දෙනවා. මේ විදියට ඔවුන් පිරිසුදුව, පිළිවෙළකට පරිස්සම් කරගත් පොත්පත්, ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩු සියල්ලම එකතු කරගෙන ඔවුන්ට අනවශ්‍යයි කියලා හිතෙන දේවල්වලින් නත්තල් මාසයේ තමන්ගේ නිවස ඉදිරිපිට හෝ පාසල ඉදිරිපිට පුංචි පොළක් පවත්වන්න සූදානම් කරගන්නවා. ඉතින් ඔවුන් මේ විදියට තමන් පරිහරණය කරන සියලු බඩු තවත් දුප්පත්, නොහඳුනන මිනිසුන් වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්නේ තවත් උතුම් ක්‍රියාවක් කරන්නයි.
ජර්මනියේ දරුවන් මෙලෙස තමන් ප්‍රවේසම් කරගත් ඇඳුම් පැලඳුම්, කතන්දර පොත්, පාසල් උපකරණවලට අමතරව ටොෆි චොකලට් එහෙමත් මේ පොළට එකතු කරගන්නවා. ඉන්පසු ඔවුන් කණ්ඩායම් ලෙස එකතුවෙලා ගමේ වැඩිහිටියන්ටත් පොළට එන ලෙස ආරාධනා කරනවා.
මවුපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ පොළ පවත්වන්න විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් අවසානයට මේ පොළෙන් ලැබෙන ආදායම් සියල්ල පරිත්‍යාග කරන්න තෝරා ගන්නේ ලෝකයේ දුක් විඳින දරුවන් සිටිනා රටවල්.
530 Views
Comments