අවිධිමත් පෙර පාසල් වලට ඇමති වැට බඳී

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන පුහුණුවෙන් හෝ පෙරපාසල් ඩිප්ලෝමාවකින් පමණක් ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යාමට අවසර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විධිමත් ක්‍රමවේදයක් සමඟින් පෙර පාසල් විධිමත්ව පවත්වාගෙන යා හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පෙර පාසල් ගුරුවරුන් හතළිස් දහසක් සහ විවිධ වර්ගයේ පෙර පාසල් දහනව දහසක් ගැන ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් සියලුම දරුවන්ට පාසල් අධ්‍යාපනයට සම්බන්ධ වීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් අදාළ පෙරපාසල් යම් රාමුවක් යටතේ නිශ්චිත ක්‍රමවේදයක් තුළ පැවැත්වීමට අත්‍යවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
497 Views
Comments