MAR
27
උසස් පෙළ පෙරදිග සංගීතය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට නොපැවැත්වේ

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) දිනයේ දී ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
හෙට සිට ලබන මස 06 වැනිදා දක්වා අදාල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) සිට නියමිත පරිදි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
343 Views
Comments