SEP
08
කළුතර පාසල් හතරකට තාවකාලික නිවාඩුවක්

ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනකට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට ඊයේ සිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලයට, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට සහ ඉහළ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලයට මෙන්ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යාලයට මෙලෙස තාවකාලිකව නිවාඩු ලබාදී ඇත.
668 Views
Comments