ලංකාවට තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් පදක්කමක්

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
35 වැනි වරට පැවැත්වූ තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය හංගේරියාවේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවෝ සිව් දෙනෙක් ඒ සඳහා සහභාගි වූහ. එම කණ්ඩායම නියෝජනය කළ සිතිජ අභිෂේක් කොටුවේවත්ත විසින් මෙම ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි.
තරගාවලිය සඳහා ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් තරඟකරුවෝ 351 ක් සහභාගි වූහ.
තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ආදිත්‍ය නරසිංහ කටයුතු කළ අතර උප නායකයා ලෙස වෙනුදි දයාරත්න කටයුතු කළේය. සිතිජ අභිෂේක් කොටුවේවත්ත, ශිථිල මහබදුගේ, මිනිදු ජයසේකර සහ මින්දිය කරුණාසිංහ, කණ්ඩායමේ තරඟකරුවන් ලෙස සහභාගි වී ඇත.
667 Views
Comments