මහනුවර පාසල් දින තුනක් වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

මහනුවර පාසල් දින තුනක් වැසෙයි

මහනුවර පාසල් දින තුනක් වැසෙයි

මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

 

ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වෙන අතර පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ලබන සතියේ නිවාඩු ලබාදෙන පාසල්,

 

  • මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්
  • මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා
  • මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා
  • මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා
  • දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවලවත්ත/හන්තාන
views

792 Views

Comments

arrow-up