පෙරපාසල් වලට වෙන්න යන දේ

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙරපාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ වීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම් ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් කෙටුම්පත් කර දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව එම ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15% ක් පමණක් බව පෙනී ගොස් ඇති බව ය.
529 Views
Comments