උසස්පෙළ පිළිතුරු පත්‍ර බලන්න වෛද්‍යවරු සූදානම්

උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම විශාල ඛේදවාචකයක් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බවය.
රජය විසින් පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් ඒ වෙනුවෙන් සූදානම් බව වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 83 ජූලියේ වර්ජකයන් මෙන් මේ සියල්ලන් සේවයෙන් නෙරපා දැමිය යුතු බවයි.
393 Views
Comments