අස්වැන්න බේර ගන්න හමුදාවෙන් ඩ්‍රෝන මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

අස්වැන්න බේර ගන්න හමුදාවෙන් ඩ්‍රෝන මෙහෙයුමක්

අස්වැන්න බේර ගන්න හමුදාවෙන් ඩ්‍රෝන මෙහෙයුමක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් ඉකුත්දා ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක යුද්ධ හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදී.

 

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර සංකල්පයක් මත මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න සඳහා යෙදවීම අපේක්‍ෂා කරයි.

 

Aerogeni Pvt Ltd ආයතනයෙහි නියෝජිතයින් තිදෙනෙකු ඩ්‍රෝන යානා සහ අදාල උපකරණ භාවිතා කරමින් ශ්‍රී ජයවර්ධනපුර, 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කුඹුරු යායේ කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ කටයුතු සිදු කළහ.

 

views

374 Views

Comments

arrow-up