බැසිල් නැවතත් පාර්ලිමේන්තුවට?

ඊයෙ ඇමරිකාවේ සිට දිවයිනට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයෙන් පසු හිටපු අමාත්‍යවරයා ලබන ජුලි මස 6 වන දින පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් යෝජනා කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව පවතින්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ හෝ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයද භාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් තවමත් මේ පිළිබදව තහවුරු කිරීමක් සිදු කර නැත.
980 Views
Comments