JUN
18
රෝගියෙකු රැගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ - නුවර මාර්ගයේ පෑලියගොඩ මයික්‍රෝහන්දිය ප්‍රදේශයේ සිදුකළ රථවාහන පරීක්ෂාවකදී සංචරණ සීමා පවතින කාලය තුළ රෝගියෙකු රෝහල්ගත කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ වකුගඩු ආබාධයක් පවතින පුද්ගලයකු වාහනයේ ගමන් ගන්නා බව පවසමින් ඊට ක්ෂණික ප්‍රතිකාර ලබා ගන්නා මුවාවෙන් ඔවුන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි
705 Views
Comments