මත්පැන් අලෙවිය නැවතීමෙන් රජයට දිනකට රුපියල් මිලියන 500 ක පාඩුවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
18

මත්පැන් අලෙවිය නැවතීමෙන් රජයට දිනකට රුපියල් මිලියන 500 ක පාඩුවක්

මත්පැන් අලෙවිය නැවතීමෙන් රජයට දිනකට රුපියල් මිලියන 500 ක පාඩුවක්

කොරෝනා තත්ත්වය නිසා සංචරණ සීමා පැවතීම සහ මත්පැන් අලෙවි සැල් වසා දැමීම හේතුවෙන් රජයට දිනකට රුපියල් මිලියන 500 ක පමණ ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වනවා.

 

මේ වන විට රජයට අහිමි වී ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 1500 ක ට අධික බවයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

 

මත්පැන් online හරහා මිලදී ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මුදල් අමාත්‍යංශය අවසරය ලබා දුන්නද ඊට වෛද්‍ය සංගම් ඇතුළු පාර්ශව රැසක් විරෝධය පළ කළා.

 

ඒ අනුව online හරහා මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව ලබානොදෙන බව covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළා.

 

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. සුපිරි වෙළඳසැල් ඇතුළු පාර්ශව කිහිපයකින් මත්පැන් වෙළඳපොළට නිකුත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ බවයි. ඒ අනුව මත්පැන් online හරහා මිලදී ගැනීමට අවස්ථාව සැළසීමේ යෝජනාව ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළා.

views

1013 Views

Comments

arrow-up