නැගෙනහිර වෙරළට මදක් ආසන්නව රිච්ටර් මාපාංකයේ 4.8 ක භූ කම්පනයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
18

නැගෙනහිර වෙරළට මදක් ආසන්නව රිච්ටර් මාපාංකයේ 4.8 ක භූ කම්පනයක්

නැගෙනහිර වෙරළට මදක් ආසන්නව රිච්ටර් මාපාංකයේ 4.8 ක භූ කම්පනයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නව ඉන්දියන් සාගරයේ ආසන්න වශයෙන් කිලෝමීටර් 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපාංකයේ 4.8  ක භූ චලනයක් වාර්තා වී තිබෙනවා.

 

එහි වූ කම්පනය ආසන්න වශයෙන් දැනෙන නගර ලෙස සඳහන් වන්නේ කල්මුනේ, අම්පාර, මඩකලපුව එරාවුර් ආදී නැගෙනහිර නගර කිහිපයක්

 

භූමිකම්පා සහ ස්භාවික ව්‍යසන සම්බන්ධයෙන් දැනුවත් කරන වෝල්කැනෝ ඩිස්කවරි නම් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ක් ගැඹුරින් බවයි. 


 

කෙසේ නමුදු එවැනි භූ චලනයක් සම්බන්ධව අදාල ප්‍රදේශ වලින් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. 

 

views

1370 Views

Comments

arrow-up