Facebook අරගලය ජය ගනී. ඕස්ට්‍රේලියාවේ අසරණ වූ ලාංකික පවුලට තාවකාලික වීසා

වසර දෙකක පමණ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙහි සරණාගත කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකික පවුලට තාවකාලික වීසා ලබා දීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබේ.
ඒ මෙම අසරණ වූ පවුලට සහනයක් ලබාදෙන ලෙස දෙස් විදෙස් ලක්ෂ ගණනක් ජනතාව ඕස්ට්‍රේලියානු රජයට බලපෑම් කිරීමෙන් අනතුරුවයි.
මාස තුනක 3ක කාලයක් සඳහා ඔවුන්ට තාවකාලික විසල් ලැබී ඇති අතර ඔවුන්ට ඕස්ට්‍රේලියාව තුළ රැකියා සහ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා මෙයින් අවකාශය හිමිවේ.
ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි මෙම පවුල පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වූයේ මෙම පවුලේ බාල දියණියගේ අසනීප තත්ත්වය හේතුවෙනි.
1027 Views
Comments