JUL
20
චයිනා ඊස්ටන් කොළඹ ගුවන් ගමන් අත්හිටුවයි

චයිනා ඊස්ටන් එයාලයින් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කොළඹ සහ චීනයේ ෂැන්හයි නගරය අතර ගුවන් ගමන් සති දෙකකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා නියාමන ආයතන කටයුතු කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ කොළඹ සිට ආරම්භ කර චීනයේ නිරිතදිග යුනාං පළාත දක්වා පියාසර කළ ගුවන් යානයේ මගීන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීමයි.
මේ අනුව කොළඹ - කුන්මිං ගුවන් ගමන ද ලබන සතියේ සිට අවලංගු කරන බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
919 Views
Comments