කටුගස්තොට පස්මහල් ගොඩනැඟිල්ලක් ගිලා බසී

කටුගස්තොට - කුරුණෑගල මාර්ගයේ වාහන ධාවනය සීමා කර ඇත.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනය කිරීම නවතවා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එයට හේතු වී ඇත්තෙ කටුගස්තොට මංසන්ධිය ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින පස්මහල් වානිජ ගොඩනැඟිල්ලක් ඊයේ (12) සවස හදිසියේ ගිලා බැසීමයි.මෙමගින් කිසිවෙකුට ජීවිත හානියක් සිදු නොමැති අතර ගොඩනැගිල්ලෙ කොටස් ඉවත් කිරීම මේ වන විට සිදු වෙමින් පවතී.
මෙම කටයුතු අවසන් කර මාර්ගයේ බරවාහන ධාවනය යතාතත්වයට පත්කිරීමට කඩිනමින් ක්‍රියා කරන බවත් එතෙක් විකල්ප මාර්ග භාවිත කරන මෙන්ද ජනතාවගෙන් ඉල්ලා සිටී.
423 Views
Comments