බස්නාහිර පළාතට පැමිණෙන අයට නිවේදනයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
29

බස්නාහිර පළාතට පැමිණෙන අයට නිවේදනයක්

බස්නාහිර පළාතට පැමිණෙන අයට නිවේදනයක්

දිස්ත්‍රික්ක අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද මධ්‍යහන 12 සිට බස්නාහිර පළාතට ඇතුල්වන සහ ඉන් පිටවන ස්ථාන 12කදී අහඹු ලෙස පුද්ගලයන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.

 

ඒ අනුව පහත ස්ථාන වල දී අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 

01. කොච්චිකඩේ තෝප්පුව පාලම
02. කොටදෙණියාව බඩල්ගම පාලම
03. නිට්ටඹුව හැලගල හන්දිය
04. මීරිගම ගිරිඋල්ල පාලම
05. දොම්පේ සමනබැද්ද පාලම
06. හංවැල්ල වනහාගොඩ පාලම
07. අලුත්ගම බෙන්තර පාලම
08. තිනියාවල හන්දිය
09. ඉංගිරිය කැටකැදැල්ල පාලම
10. බදුරලිය - කලවාන සමන් දේවාලය අසල
11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල

 

 

 

 

 

 

source: adaderana

views

736 Views

Comments

arrow-up