අනියම් පෙමක් නිසා ජනප්‍රිය නිළියකගේ දුවගේ කොණඩය කපා දැමූ කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට

අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපා දැමූ තවත් කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 13 වනදා වන අතර අත්අඩංගුවට ගත් කතුන් විසින් කොණ්ඩය කපා දැමූ කාන්තාව ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය නිළියකගේ දුවණියක් බවද වාර්තා වේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස අතර එම කාන්තාව අනියම් ඇසුර පවත්වා ගෙන ගිය පුද්ගලයාගේ 41 හැවිරිදි නීත්‍යානුකූල බිරිඳ, 17 හැවිරිදි දියණිය සහ වරලස අහිමිවූ කාන්තාවගේ නැනාද සිටින බව පොලීසිය සඳහන් කරයි.
සැකකාර කාන්තාවන් විසින් පානදුර ප්‍රදේශයේ පිහිටා ඇති රූපලාවණ්‍යාගාරයට කඩා වැදී තම කොණ්ඩය බලහත්කාරයෙන් කපා දැමූ බවට වින්දිත කාන්තාව විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකාරියන් අත්අඩංගුවට ගැනුණි. ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් දින 14ක් නිවසේ නිරෝධායන කිරීමටත් නියෝග ලැබුණි.
985 Views
Comments