දිස්ත්‍රික්ක පහකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි - අයහපත් කාලගුණයෙන් මිය ගණන 20 දක්වා ඉහළට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
09

දිස්ත්‍රික්ක පහකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි - අයහපත් කාලගුණයෙන් මිය ගණන 20 දක්වා ඉහළට

දිස්ත්‍රික්ක පහකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි - අයහපත් කාලගුණයෙන් මිය ගණන 20 දක්වා ඉහළට

අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලට සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයටත් සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

 

මේ අතර සබරගමුව බස්නාහිර පළාත් වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

 

ඊයේ දිනය වන විට අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

 

මේ වන විට දිස්ත්‍රික්ක 10 ක් තුළ පුද්ගලයින් 176 419 ක් පීඩාවට පත්ව ඇති බවත් වාර්තා වනවා.

views

931 Views

Comments

arrow-up