රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
08

රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලට

රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලට

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරූ සහ වරායෙන් නිදහස් කර නොගැනූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා ජනතාවට ලබාදීමට රජය තීරණය කර තිබේ.

 

මෙලෙස ආහාර ද්‍රව්‍ය රාජසන්තක කිරීම හේතුවෙන් ඒවා නිරපරාදේ නරක් වී යාම සැලකිල්ලට ගෙන පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව එම ආහාර ද්‍රව්‍ය සතොසට ලබා දීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කල මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

මේ හේතුවෙන් covid 19 වසංගතයට මුහුණ දී සිටින ජනතාවට යම්කිසි සහනයක් ලබාගැනීමට හැකි බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

 

 

views

1157 Views

Comments

arrow-up