බූස්ස අධි ආරක්ෂිත සිරගෙයක් කරයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව පැය 24 පුරා ක්‍රියාත්මක කරවමින් සහ නව CCTV කැමරා පද්ධතියක් සහිතව බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරි සියල්ල අධි ආරක්ෂිත ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණයක් ගෙන තිබෙනවා.
මේ වනවිට බන්ධනාගාරයේ රඳවා ඇති සිරකරුවන් සංඛ්‍යාව 70 ක් වන අතර මීට අමතරව තවත් අධි ආරක්ෂක සිරකුටි කිහිපයක් ඉදිකර සිරකරුවන් 30 දෙනෙකු සිරගත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
මේ වන තෙක් ලංකාවේ කිසිදු අධි ආරක්ෂිත සිර ගෙයක් නොමැති අතර "දිවයින" වාර්තා කරන පරිදි පාස්කු ප්‍රහාරයට වරදකරුවන් වන ප්‍රධානතම අන්තවාදීන් කිහිප දෙනෙකු මෙම සිර මැදිරිවල රැඳවීමට නියමිතයි.
1529 Views
Comments