රාජගිරියේ ගංජා වැවූ 'පොඩි සිදූ' අත්අඩංගුවට

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක් තුළ පවත්වාගෙන ගිය කංසා වගාවක් වටලා එහි සිටි නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වු 'පොඩි සිදූ' නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 34 ක අයෙකු වන අතර ඔහු සතුව 'අයිස්' වර්ගයේ මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකෙරුණි.
එහිදී ගංජා පැලයට සමාන මල් වගාවක් අතර තැනින් තැන සැකකරු විසින් ගංජා පැළ පවා තිබී පොලීසියට හසුව තිබේ.
1623 Views
Comments