තම දියණිය ගැබිණියක් කළ පියා බන්ධනාගාරයට

තම 15 හැවිරිදි දියණිය කෙලෙසූ ගාල්ල බූස්ස ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පස් දරු පියෙකු එළඹෙන 25 වන දා දක්වා බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබෙනවා.
අදාල සිදුවීමට මුහුණ දුන් දැරිය සහ ඇගේ මව පියාගෙන් වෙන්වී වෙනත් පුද්ගලයෙකු සමග ජීවත්ව ඇති අතර සැකකාර පියා ඔවුන් ජීවත් වන නිවස අසලම පිහිටි නිවසක තනිවම ජීවත් ව ඇති බවයි පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබුණේ.
සිද්ධියට මුහුණ පෑ දැරිවිය තම පියාට තේ ගෙන ගොස් ඇති අතර එහිදී අවස්ථා කිහිපයකදීම ඇයව සැකකරු විසින් අතවරයට ලක් කර තිබෙනවා.
තම දියණියගේ සිරුරේ වෙනස්කමක් දුටු ඇගේ මව ඒ පිළිබඳව ඇයගෙන් විමසා ඇති අතර එහිදී දැරිවිය සිදුවූ සියල්ල පවසා තිබෙනවා.
පසුව දැරිවිය මහමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය පස්මස් ගැබිනියක් බවයි.
1258 Views
Comments