යාපනය වෙරළට අඩි 20ක් දිග තල්මසකුගේ සිරුරක් ගොඩගසයි

යාපනය කයිට්ස් වෙරළ තීරයට අඩි විස්සක් පමණ දිග තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වේ.
මීට අමතරව මියගිය කැස්බෑවකු ගේ සිරුරක් ඊයේ දිනයේ මන්නාරම් වංකාලෙයි වෙරළ තීරයේ තිබී හමුවිය.
මෙලෙස මුහුදු ජීවීන් මිය යාමට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ අනතුර බවට ධීවරයින් සැක පල කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම හා යාපනයේ ධීවර පරීක්ෂණ කාර්යාල නිලධාරීන් සමගින් සාගර ජීවී නිලධාරීන් වැඩිදුර වැඩි දුර පරීක්ෂණ පවත්වනු ඇත.
657 Views
Comments