බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත්

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ.
මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී ඇත.
ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කලේය.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් - 19 මර්ධන විශේෂ කමිටුව සමඟ අද(02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
758 Views
Comments