රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් - වෙළඳ ඇමති

රට තුල පරිභෝජනය සඳහා සහල් පවතින්නේ තවත් මාසයක පමණ කාලයක් සඳහා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ වනවිට ප්‍රධාන වී මෝල් හිමියන් ලබාදී ඇති දත්ත සැලකීමේදී ඉදිරියේදී රට තුළ දැඩි සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
ඒ හේතුවෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
743 Views
Comments