ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු තවත් ආසාදිතයෙක් මාදිවෙලින්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු තවත් ආසාදිතයෙක් මාදිවෙලින්

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු තවත් ආසාදිතයෙක් මාදිවෙලින්

ඉන්දීයාවෙන් ප්‍රථමවරට සොයාගත් ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත බවට සැකකරන කොරෝනා ආසාදිතයක් මාදිවල ප‍්‍රගතිපුර ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හෙරත් මහතා සඳහන් කරනවා.

 

එම තත්ත්වයත් සමඟ රෝග ව්‍යාප්තිය වැළැක්වීමට එම ප‍්‍රදේශය තුළ අවශ්‍ය සියලූ කි‍්‍රයාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

දෙමටගොඩ අරාමය පෙදෙසින් ඩෙල්ටා වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීමට පෙර සැක සහිත තත්ත්වයක් ඇතිවීමත් සමඟ එම ප‍්‍රදේශයේද මේ අන්දමට සෞඛ්‍ය අංශ කි‍්‍රයාත්මක වූ බව ඒ මහතා පෙන්වා දුන්නා.

 

ආසාදිත පුද්ගලයාගේ ජෛව සාම්පල මේ වන විටත් වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමුකර ඇති අතර නිශ්චිතවම ඔහුට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයමද යන්න එමඟින් තහවුරු කරගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

views

954 Views

Comments

arrow-up