සුනඛයාට අමන වැඩක් කළ “බල්ලෝ” දෙදෙනා අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැති ගිනි අවියක් සහිතව ඉඩමකට අනවසරයෙන් ඇතුඵ වී සුනඛයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ තරුණියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සුනඛයාගේ අත්වලට හා පාදවලට දැඩි තුවාල සිදුව ඇති බවද පැමිණිල්ලේ දැක්වෙන අතර විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක දිසානායක මහතා වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
1239 Views
Comments