ඔන්ලයින් මත්පැන් සඳහා අවසර හිමි වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
16

ඔන්ලයින් මත්පැන් සඳහා අවසර හිමි වේ

ඔන්ලයින් මත්පැන් සඳහා අවසර හිමි වේ

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අළෙවි කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්තිමය අවසර අද හිමි වූ බවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවසරය ලබා ගැනීම සඳහා එහි නිර්දේශ කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ මධ්‍යස්ථානයට යොමු කළ බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

 

සංචරණ සීමා කාලය තුළ මෙම ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ගත් සැලසුමක් අනුව මෙහි නිර්දේශයන් ඊයේ දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍ය ලේකම්වරයාට ලබා දී තිබුණා පැය 24 ක් ගත වීමටත් පෙර ඊට අදාළ අනුමැතිය මෙලෙස හිමිව තිබෙනවා.

 

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය අනිවාර්ය වෙනවා.එහි අනුමැතිය අද දින ලැබීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

views

2533 Views

Comments

arrow-up