ඇමති විමල් රුසියාවට යයි

පෙරේදා (02) රුසියාවේ දී ආරම්භ වූ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා.
රටවල් 120 ක රාජතාන්ත්‍රිකයින් ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම සමුළුව සඳහා රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්, රුසියාවේ ආර්ථික ප්‍රතිසංවිධාන ප්‍රධානීන් සහ වෙනත් රටවල හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ද සහභාගි වී තිබුණා.
ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර සමුළුව ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීමට සහ ගෝලීය සහයෝගය තාවයන් සඳහා ඵලදායී විසඳුම් යෝජනා කිරීමට අවස්ථාවක් නිර්මාණය කරන අතර එය මෙරටට ප්‍රමුඛ ගෝලීය ආර්ථික වේදිකාවක් බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණා.
1287 Views
Comments