රිෂාඩ්ගෙ පෙත්සම විභාග කිරීමෙන් විනිසුරු ඉවත් වෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
28

රිෂාඩ්ගෙ පෙත්සම විභාග කිරීමෙන් විනිසුරු ඉවත් වෙයි

රිෂාඩ්ගෙ පෙත්සම විභාග කිරීමෙන් විනිසුරු ඉවත් වෙයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුයුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

ජනක් ද සිල්වා මහතා පවසන්නේ තමන් පාස්කු කොමිසමෙහි සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම නිසා පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම විභාගයෙන් තමන් ඉවත්වන බවයි.

 

තමාව රඳවාගෙන ප්‍රශ්න කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා ගොනු කළ පෙත්සම විභාගය විජිත් මළල්ගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලට පැවරී තිබුණි.

views

1080 Views

Comments

arrow-up