කොරෝනා හැදුණු තෝර් දැන් සුවෙන්

දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත වූ 'තෝර්' නැමැති 11 හැවිරිදි සිංහයා මේ වනවිට සුවය ලබා ඇතැයි සත්වෝද්‍යානය දැනුම් දෙනවා.
සතියකට ආසන්න කාලයක් කොරෝනා වැළැදි සිටි තෝර් ආහාර අරුචිය නිසා ශරීරය දුර්වල වීමක්ද සිදු වුණා.
2013 වසරේදී සෝල් සත්වඋද්‍යානයේ සිට තෝර් මෙරටට රැගෙනවිත් තිබූ අතර සෙසු සිංහයින් සමඟ තෝර් වාසය කළා.
කොරෝනා ආසාදිත වූ තෝර් ට ස්වසන අපහසුතාවෙන් දැඩිව මතු වූ නිසා පශු වෛද්‍යවරුන් තෝර් ගේ රැපිඩ් පරික්ෂාක් සිදු කළා.
එසේම දෙහිවල සත්වෝද්‍යානයේ සීබ්රා පැටවෙකුටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබුණා.
මෙලෙස මෙරටින් කොරෝනා ආසාදිත සත්වයින් වාර්තා වෙන්නේ ප්‍රථම වරටයි.
499 Views
Comments